අප පිළිබඳව
තායිවාන රෙදිපිළී කර්මාන්තයේ තත්ත්වය
වසර 60 කට අධික සංවර්ධනයකට සහ වර්ධනයකට පසු, අධික ඉල්ලුම සැපිරීමේ ලා ජාත්‍යන්තර වෙළෙඳපොළ පුළුල් කරනු පිණිස තායිවානයේ රෙදිපිළී කර්මාන්තය සක්‍රීයව නව නිෂ්පාදන සම්බන්ධ පර්යේෂණ සහ සංවර්ධනය සිදු කරමින් සහ නිෂ්පාදන උපකරණ යාවත්කාලීන කරමින් සිටී. මේ නිසාම, තායිවානයේ කර්මාන්ත ව්යුහය තුළ වන වඩාත්ම සම්පූර්ණ නිෂ්පාදන පද්ධතිය බවට පත් වීමටත් ලොව පුරා ක්‍රියාත්මක පාරිභෝගික රෙදිපිළී වෙළෙඳපොළ සඳහා වන ප්‍රධානම අමුද්‍රව්‍ය මූලාශ්‍රය බවටත් පත්වීමට රෙදිපිළී කර්මාන්තයට හැකි වී ඇත. 2018 වසර දෙස බැලූ විට, තායිවානයේ රෙදිපිළී කර්මාන්තය පහත දිශානතීන් ඔස්සේ වර්ධනය වෙනු ඇති බව පෙනේ:

1.නිෂ්පාදන ප්‍රභේදනය සංවර්ධනය කිරීම අඛණ්ඩව සිදු කිරීම
විවිධ වූ ප්‍රභේදන ද්‍රව්‍ය සහ නිෂ්පාදන සංවර්ධනය කිරීමේ ලා නවීනතම තාක්ෂණයන් භාවිතා කරමින් පර්යේෂණ සහ සංවර්ධනය හා තාක්ෂණය වෙත අවධානය යොමු කිරීම සහ ඒවායේ එකතු කළ අගයන් වැඩි කිරීම.

2. මෝස්තර නිර්මාණයන් සහ නව්‍යකරණයන් අවධාරණය කිරීම
සෞන්දර්යාත්මක සහ සංස්කෘතිකමය නිර්මාණශීලීත්වය යනාදිය තුළ ප්‍රධානත්වය ගන්නා ස්වාධීන මෝස්තර නිර්මාණයන්, පර්යේෂණ සහ සංවර්ධනය තුළින් ශක්තිමත් කිරීම. මිල නොවන තරගකාරීත්වයකට ක්‍රමිකව ළඟා වීම සඳහා නව්‍යකරණය, පර්යේෂණ සහ සංවර්ධනය සහ මෝස්තර නිර්මාණ දිශානතිය වෙත අවධානය යොමු කිරීම සහ විවිධ කර්මාන්තයන් සමග උපක්‍රමික සහයෝගීතාවයන් සක්‍රියව ස්ථාපිත කිරීම. සම්පූර්ණ සැපයුම් දාම පද්ධතියක් ගොඩනැංවීම සඳහා හා පාරිභෝගික සේවාවන් ස්ථාවර කිරීමට නිෂ්පාදන නව්‍යකරණය, සුවිශේෂී බව, උත්කෘෂ්ට බව සහ මෝස්තර නිර්මාණයන් සම්බන්ධ හැකියාවන් අවධාරණය කිරීම.

3. කෘත්‍යමය පාරිසරික ආරක්ෂාව සපයන රෙදිපිළී සංවර්ධනය කිරීම
ගෝලීය ඇඟළුම් සහ දේශීය රෙදිපිළී නිෂ්පාදන සඳහා වන පාරිභෝගික වෙළෙඳපොළ කෘත්‍යමය සහ පාරිසරික ආරක්ෂාව සපයන සංවර්ධනය වෙතට ගමන් කරන බැවින් තායිවානය සහ ගෝලීය රෙදිපිළී කර්මාන්තයේ අනාගත ප්‍රවණතාවය වනු ඇත්තේ කෘත්‍යමය සහ පාරිසරික ආරක්ෂණ රෙදිපිළීය. කෘත්‍යමය රෙදිපිළී, ජනප්‍රියත්වය මත පදනම් වනවා පමණක් නොව, ඒවා ශ්‍රමක්ෂමතාවය සහ කෘත්‍යතාවය, ඇඳීමේ පහසුව, ආරක්ෂාව සහ සෞඛ්‍යදායී බව පිළිබඳව අවධාරණය කළ යුතුය. පරිසරය ආරක්ෂා කරන රෙදිපිළී සම්බන්ධව ගත් විට, ඒවා මිහිමත පටවා ඇති බර අඩු කිරීම පිණිස, නිෂ්පාදන ක්‍රියාවලිය තුළ අඩු දූෂණයක් සිදු වීම සහ අඩු බලශක්ති පරිභෝජනය මෙන්ම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වීම සහ නැවත භාවිතා කිරීමට හැකි වීම අවධාරණය කළ යුතුය. පරිසර හිතකාමී සහ කෘත්‍යමය රෙදිපිළී සංවර්ධනය කිරීම සඳහා තායිවාන රෙදිපිළී කර්මාන්තය, කෘත්‍යමය රෙදිපිළී සම්බන්ධව පවතින පර්යේෂණ සහ නිෂ්පාදන මත පදනම් වෙමින් නව පරිසර ආරක්ෂණ අංගයන් ඇතුළත් කළ යුතුය.

4. සන්නාම සංවර්ධනය
දීර්ඝ කාලයක් OEM සහ ODM ව්‍යාපාර මාදිලිවලින් එක් රැස් කරගත් මෙහෙයුම් හැකියාවන් මත පදනම් වෙමින්, වඩා විශාල ආර්ථික කාර්යක්ෂමතාවයක් වෙත ගමන් කිරීම සඳහා සමාගම් තවදුරටත් මාර්ගගත ඇගළුම්, අස්ථිත්ව අලෙවි මාර්ගයන්, සන්නාම සංවර්ධනය සහ මෙහෙයුම් අත්දැකීම් ලබාගෙන එතුළින් තම සන්නාමයන් සංවර්ධනය කරගැනීමටත් තමන්ගේම වූ සන්නාම කළමනාකරණ හැකියාවන් ශක්තිමත් කරගැනීමටත් කටයුතු කළ යුතුය.

5. විභව්‍ය සුහුරු රෙදිපිළී සංවර්ධනය කිරීම
සුහුරු රෙදිපිළී, මෑතකාලීන යුගය තුළ වැඩි වැඩියෙන් ජනප්‍රිය වී ඇති අතර එය වෙළෙඳපොළ තුළ වැඩි වශයෙන්ම බලාපොරොත්තු ඇති කරවන කර්මාන්තයක් බවටද පත්ව ඇත. අනාගතයේදී සුහුරු පැළඳිය හැකි ක්‍රීඩා නිෂ්පාදන සංවර්ධනය කිරීමට අමතරව, කෘත්‍යතාවය, පහසුව, සංවේදනය, බුද්ධි භාෂණය යනාදී විශේෂාංග ඒකාබද්ධ කරමින් සෞඛ්‍යාරක්ෂණ ක්ෂේත්‍රය තුළ වන සංවර්ධනයද ප්‍රධානතම ප්‍රවණතාවක් වන අතරම වයස්ගත වන ජනගහනය සමග කටයුතු කිරීමේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතීන්ද වෙයි. තායිවානයේ වාසි සහගත අර්ධ සන්නායක සහ ජෛව වෛද්‍ය කර්මාන්ත තාක්ෂණයන් මෙන්ම ඉලෙක්ට්‍රොනික කොටස් සහ සංරචකයන් වෙත පහසුවෙන් පිවිසීමට හැකි වීම මත පදනම්ව, තරගකරුවන් නොසලකන තමන්ගේම වූ වෙළෙඳපොළක් විවෘත කරගැනීමට සහ ඉහළ අගයන් එක් කළ නිෂ්පාදනයන් නිර්මාණය කිරීම සඳහා සමස්ත කර්මාන්ත සැපයුම් ජාලයම යොමු කිරීමට විවිධ කර්මාන්තවල අනුකලනයන් සහ නව්‍යකරණයන් අවධාරණය කිරීමට හොඳම කාලය මෙයයි.

6. සුහුරු රෙදිපිළී සැපයුම් දාමයක් සංවර්ධනය කිරීම
වර්තමානයේදී සියලුම රටවල් සිතමින් සිටින්නේ කර්මාන්ත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට සහ තරගකාරීත්වය වැඩි දියුණු කිරීමට නිෂ්පාදන කර්මාන්තයන් පරිවර්තනය කිරීම, සංස්ථානික සමාජ වගකීම සහ පාරිසරික තිරසරබව ප්‍රවර්ධනය කරනුයේ කෙසේද යන්නයි. ප්‍රධාන නිෂ්පාදන රටක් වන තායිවානය වඩා සුහුරු නිෂ්පාදන උපකරණ සමගින් සන්නද්ධ වූ සුහුරු කර්මාන්තශාලා ස්ථාපිත කිරීමටත්, රිසිකරණය කළ නිෂ්පාදන හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා වඩා සුහුරු නිෂ්පාදන ක්‍රියාවලීන් සකස් කරගැනීමටත් කර්මාන්තය තුළ එකතු කළ අගයන් සහ ඵලදායීත්වය වැඩි කරගැනීමටත් සක්‍රියව මැදිහත් විය යුතුව ඇත.


අප පිළිබඳව
තායිවාන රෙදිපිළී කර්මාන්තය, එකතු කළ අගයන් සහිත නිෂ්පාදන සංවර්ධනය සහ අප ජීවත් වන ලොව වැඩි දියුණු කිරීම සඳහා තිරසර උත්සාහයන් සම්බන්ධව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරයි. තායිවාන රෙදිපිළී ෆෙඩරේෂණය විසින් ක්‍රියාත්මක කරන රෙදිපිළී අපනයන ප්‍රවර්ධන ව්‍යාපෘතිය [Textile Export Promotion Project (TEPP) ] සුවිශේෂී ලෙස සැලසුම් කර ඇත්තේ ජාත්‍යන්තර ප්‍රදර්ශනවලට සහභාගී වීම, වෙළෙඳ දූත ගමන් සංවිධානය කිරීම සහ සන්නාම සහ තායිවාන නිෂ්පාදකයින් අතර සම්බන්ධතා ඇති කරන හමුවීම් සංවිධානය කිරීම සහ තායිවාන රෙදිපිළීවල වාසි සහගත තත්ත්වයන් ඉදිරියට ගෙන ඒම තුළින් තායිවාන රෙදිපිළී කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමයි. Proyek Promosi Ekspor Tekstil (PPET)
මෙම වෙබ් අඩවිය විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් සහ තායිවාන ප්‍රදර්ශකයන් අතර වසරේ සෑම දිනකම සන්නිවේදනය සිදු කරන වේදිකාවක් වශයෙනි. එය ප්‍රධාන ප්‍රදර්ශන පහක විස්තර ගෙන හැර දක්වයි. මෙම මාර්ගගත ප්‍රදර්ශන නැරඹීමෙන්, ගනුදෙනු කරුවන්ට පහසුවෙන් ඉලක්ක ප්‍රදර්ශකයන් සහ මූලාශ්‍ර අයිතමයන් සොයාගත හැකිය.